Monday, January 2, 2012

Downfall (2004) Movie about Hitler


සරලව මේකයි කථාව,
හිට්ලර්ගෙ ජීවිතයේ අවසාන කාලය ගතවූ හැටි තමයි ෆිල්ම් එකේ තියෙන්නේ. පොලව යට අධි ආරක්ෂිතව ඉදිකර ඇති කොන්ක්රීට් බංකරයක දිවි ගෙවන හිට්ලර් සියලු කටයුතු සැලසුම් කරන්නේ එහි සිටයි. රැසියානු රතු හමුදාව බර්ලින් නගරය වටකොට ඇති බව දැන ගන්නා හිට්ලර් තමන්ට ගැලවුමක් නොමැති බව දැන ගන්නව. බංකරයට රෙජිස්ට්රාර් වරයකු ගෙන්වන හිට්ලර් මිය යාමට කලින් තම පෙම්වතිය වන ඈනා සමග විවාහ ගිවිස ගන්නව. අවසානයේ සිය පෙම්වතියද සමග සිය දිවි නසා ගන්නා හිට්ලර් ඊට පෙර තම ආරක්ෂක හට පවසන්නේ තමාගේ මිනිය කිසි විටෙකත් තම විරැද්ධවාදීන්ට හසුවන්නට ඉඩ නොහරින ලෙසයි. ඒ කටයුත්ත ඔහු කෙසේ ඉටු කරයිද? සිරැර විරැද්ධවාදී හමුදාව සොයා ගනීද? සුප්රකට ගොබෙල්ස් න්‍යාය ඉදිරිපත් කල ජෙනරාල් ගොබෙල්ස්ට කුමක් සිදුවෙයිද? මේ ටික ෆිල්ම් එකක බලලම දැන ගත්තොත් තමා හොද.

Wednesday, December 14, 2011

The Tourist (2010)



ලගදි බලපු තවත් පට්ට ෆිල්ම් එකක් ගැනයි කියන්න යන්නේ. ෆිල්ම් එක තමයි සංචාරකයා. එහෙම නැත්තං The Tourist.
මේකයි ස්ටෝරිය. පැරිසියේ සිට ඉතාලියේ වැනීසිය බලා ගමන් ගන්නා අධිවේගී දුම්රියකදි ඇමරිකානු ජාතික සංචාරකයෙකුට සුරෑපී තරැණියක් අහඹු ලෙස මුනගැහෙනව. අහඹුවක්ද නැද්ද කියල දැන ගන්න ෆිල්ම් එක බලන්නම වෙනව. වැනීසිය බලා ගමන් කිරීමෙන් පසු දුම්රිය පොලේදී ඔවුන් වෙන් වුවත් නැවතත් ඔවුන් අහඹු ලෙස මුන ගැහෙනව. තරැණියගේ ආරධනයෙන් සුන්දර වැනීසියේ හෝටලයක රැය පහන් කරනව. රැයේ මොකද වෙන්නේ කියල දැන ගන්නත් ෆිල්ම් එක බලන්න වෙනව. පසු දින අවදි වන සංචාරකයාට දැන ගන්නට ලැබෙන්නේ තමා හා සිටි තරැණිය පැදුරටත් නොකියා තමන් මගහැර ගොස් ඇති බවයි.
මේ අතරතුර තරැණියගේ පෙම්වතා යයි සදහන් පුද්ගලයෙක් ලබා ගන්නා ලදැයි විශාල මුදලක් සොයා අපරාධ කල්ලියක් තරැණිය පසුපස පන්නන අතර ඇයගේ පෙම්වතා සංචාරකයා යැයි වරදවා වටහා ගන්නා අපරාධකරැවන් සංචාරකයා පසු පස ලුහු බදිනව. තමා නිසා අලි කරදරයක වැටුනු සංචාරකයා ඒවායින් කෙසේ හෝ මුදා ගන්නා තරැණිය ඔහුට විශාල මුදලක් දී ඇය මගහැර නැවත යන ලෙස ඉල්ලා සිටිනව. එහෙත් තරැණි පිලිබද ආදරයක් ඇති කර ගන්නා සංචාරකයා නැවතත් ඇය සොයා යනව.. එහිදී කුමක් සිදු වෙයිද‍? තරැණියට පෙම්වතා මුනගැසෙයිද? සංචාරකයාට කුමක් සිදුවෙයිද? මේ සියල්ලට පිටතින් ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය සිදු කරන රහස් මෙහෙයුම කැමක්ද? සියල්ල විමතියට පත්කරමින් අවසාන විනාඩි කිහිපයේ හෙලිවන රහස කුමක්ද? මේ සියල්ලට පිලිතුරැ මෙම ෆිල්ම් එකේ අවසන් විනාඩි කිහිපයෙදි ලැබෙනව. ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ. හොලිවුඩයේ සරාගී නිලි ඇන්ජලිනා ජොලී සහ ජොනී ඩෙප් රගපාන මේකත් පට්ට ෆිල්ම් එකක්. මෙන්න ලින්ක්

ටොරන්ට්

ඩිරෙක්ට්
Related Posts Plugin for WordPress, Blogger...