සරලව මේකයි කථාව,
හිට්ලර්ගෙ ජීවිතයේ අවසාන කාලය ගතවූ හැටි තමයි ෆිල්ම් එකේ තියෙන්නේ. පොලව යට අධි ආරක්ෂිතව ඉදිකර ඇති කොන්ක්රීට් බංකරයක දිවි ගෙවන හිට්ලර් සියලු කටයුතු සැලසුම් කරන්නේ එහි සිටයි. රැසියානු රතු හමුදාව බර්ලින් නගරය වටකොට ඇති බව දැන ගන්නා හිට්ලර් තමන්ට ගැලවුමක් නොමැති බව දැන ගන්නව. බංකරයට රෙජිස්ට්රාර් වරයකු ගෙන්වන හිට්ලර් මිය යාමට කලින් තම පෙම්වතිය වන ඈනා සමග විවාහ ගිවිස ගන්නව. අවසානයේ සිය පෙම්වතියද සමග සිය දිවි නසා ගන්නා හිට්ලර් ඊට පෙර තම ආරක්ෂක හට පවසන්නේ තමාගේ මිනිය කිසි විටෙකත් තම විරැද්ධවාදීන්ට හසුවන්නට ඉඩ නොහරින ලෙසයි. ඒ කටයුත්ත ඔහු කෙසේ ඉටු කරයිද? සිරැර විරැද්ධවාදී හමුදාව සොයා ගනීද? සුප්රකට ගොබෙල්ස් න්‍යාය ඉදිරිපත් කල ජෙනරාල් ගොබෙල්ස්ට කුමක් සිදුවෙයිද? මේ ටික ෆිල්ම් එකක බලලම දැන ගත්තොත් තමා හොද.
No comments:
Post a Comment