මම මේ ෆිල්ම් එක බැලුවේ 2001 අවුරැද්දේ, දැනට අවුරැදු 10 කට කලින්, ඊට පස්සෙත් කීප වතාවක් බැලුව එත් අදටත් මගේ හිතේ රැදිල තියන සුන්දරම ෆිල්ම් එකක් තමයි මලීනා. ඒ තරම්ම පට්ට ෆිල්ම් එකක් මේක. මොනිකා බෙලුසි කියන ඉතාලි ජාතික ලස්සන සරාගී නිලිය රගපාන මේ ෆිල්ම් එක ඉතාලි ෆිල්ම් එකක්. හැබැයි ඉන්ග්ලිෂ් සබ් ටයිටල් තියනව.
අපි හැමෝටම ළමා කාලයක් තියනව, ඒ ළමා කාලය පහුකරල ගැටවර වියට එනකොට කාටත් ලිංගික හැගීම් ඇතිවෙනව, ඒ කාලෙට කව්රැත් කරන්නේ කිට්ටු කරනව තියා හිතන්නවත් බැරි කෑල්ලකට හිතින් ලවු කරන එක. ඇන්ටි කෙනෙක්, ටීචර් කෙනෙක් හෝ අක්ක කෙනෙක් වෙන්න පුලුවන්.
මේ ෆිල්ම් එකේ තියෙන්නෙත් දෙවන ලෝක යුද්දේ කාලේ ඉතාලියේ සිසිලිය පැත්තේ දූපතක අවුරැදු 13 ක පොඩි කොල්ලෙක්ට ඔය උන හැදීගෙන එනකොට තමන්ගේ ඉස්කෝලේ උගන්වන මලීනා කියන ටීච්ර්ට ලවු කරන සීන් එකක්. ෆිල්ම් එක පටන් ගත්තු වෙලේ ඉදන්ම හාස්‍යජනක මෙන්ම සෘංගාරාත්මත දර්ශනත් තියනව. කොල්ලෙක් වැඩි වියට පත්වෙන්නේ කොහොමද කියල මේ ෆිල්ම් එකේ අපූරැවට පෙන්වල තියනව.
කොල්ල මලීනා ගැන හිත හිත රෑට ස්වයං වින්දනයේ යෙදෙන දරශන දැක්කම හිනා යනව වගේම අපිත් අපේ අතීයට යනව.
පට්ටම ෆිල්ම් එකක්. කොහොම හරි බලපල්ල. පහල ලින්ක් එකේ සබ් ටයිටල් එක්කම ටොරන්ට් එක තියනව. ඩිරෙක්ට් ලින්ක් නම් හොයා ගන්න බැරි වුනා.
ටොරන්ට්
No comments:
Post a Comment